spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිවේගයේ අනතුරකින් තරුණයෙකු මරු දකී

ඊයේ (19) අළුයම වැලිපැන්න පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 45.2 කණුව ආසන්නයේදී මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක් නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව සඳහන්.

මරණකරු 21 හැවිරිදි නාගොඩ, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?