අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විශ්ව විද්‍යාල ආචාර්යවරුනුත් විරුද්ධ වෙයි

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් අද (06) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී එම සම්මේලනයේ ලේකම්වරයා පවසා සිටියේ රජය විසින් හඳුනවා දී තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතාමත් බරපතල බවයි.

”අධ්‍යාපන අමාත්‍යවරිය තැනින් තැන ගිහිල්ලා කරන දේ කියනවා මිසක්, කිසින සාකච්ඡාවක් නැහැ. සාකච්ඡාවකින් ලබාගත් කිසිම දෙයක් ඇතුළත් කරලත් නැහැ. මේ ප්‍රතිසංසකරණ තුළින් රටේ සහකම්පනය සහිත මිනිසා හැදීමේ කිසිම හැකියාවක් නැහැ. මේ තත්ත්වය පිළිබද අධ්‍යාපන ඇමතිවරියට ඔඉ වසර ගණනාවක් කිව්වා. හැබැයි ඒ කිසිම දේකට කන් දීලා නැහැ. මෙට වහාම නවත්තලා සාකච්ඡා කරලා අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් දීලා මේක ක්‍රියාත්මක කළ යුතුයි.” යැයි ඔවු වැඩිදුරටත් සඳහන් කළා.

  1. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වුනත් බොහෝ අවස්ථාවල ඔවුන්ගේ ප්‍රකාශයන් වල දේශපාලන ගැති බවක් පෙනෙන්නට තියෙනවා. මෙය හැම ක්ෂේත්‍රයකම දකින්න ලැබෙන පොදු දෙයක්. ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන අය ඉදිරිපත් වෙන්න අකමැති බවක් තියෙනවා, හේතුව දේශපාලන ගැත්තන් ගෙන් දැඩි ප්‍රහාරයන් එල්ලවන නිසා. එම නිසාම ඉදිරිපත් කර ඇති නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ වලින් සාමාන්‍ය ජනයා නොමඟ යනවා.