AFC Banner
Empty Ad
Empty Ad

අද මධ්‍යම රාත්‍රියේ සිට කෑම මිල ගණන් ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාරපානවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති පවසනවා.

ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම හේතුවෙන් සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව,
ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්
කිරි තේ එකක මිල රුපියල් 10කින්
කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්
ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින්
ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

යම්හෙයකින් රජය පරිභෝගික භාණ්ඩ මිල පහත දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
11
+1
1
+1
5
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?