කාන්තා වෙස්ගත් අද්භූත පුද්ගලයෙක් නිසා ගමක් බියෙන් සලිත වෙයි

සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ දී අතුරු මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් මෙන්ම ත්‍රිරෝද රථ පසුපස හඹා යන කාන්තා වෙස්ගත් අද්භූත පුද්ගලයෙකු හේතුවෙන් මේ දිනවල මීගහකිවුල, පහළ ගෙදර හා ඒ අවට ප්‍රදේශවල ජනතාව භීතියට පත්ව සිටිනවා.

මීගහකිවුල ප්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයකදීම මෙම අද්භූත පුද්ගලයා ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු කිහිපදෙනෙකුටම හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනතුරුත් මෙම අද්භූත පුද්ගලයාගෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර, ජනතාව බියට පත්කර කිසියම් සොරකමකට කිසිවෙකු සැරසෙන්නේ ද යන්න පිළිබඳ බියක් පවතින බව ද ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කන්දකැටිය පොලිස් ස්ථානයෙන් ද විමසීමක් කළ අතර, එහි නිලධාරියෙක් සඳහන් කළේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් හෝ තොරතුරක් ලැබී නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52