ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩිකාවන් දැවැන්ත ජයකින් ලෝක කුසලාන ගමන අරඹයි

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් දැවැන්ත ජයක් ලබන්නට අද (19) සමත් වුණා.

ඒ, සත්කාරක මලයාසියා කණ්ඩායම ලකුණු 139කින් පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 162ක් රැස් කළා.

අනතුරුව ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය මලයාසියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස්කගත හැකි වුයේ ලකුණු 23ක් පමණයි.

පන්දු යැවීමේ දී චමෝදි ප්‍රබෝධා ලකුණු 05කට කඩුලු 03ක් සහ ලිමංසා තිලකරත්න ලකුණු 03කට කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 139ක ජයක් හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33