අග්‍රාමාත්‍යතුමිය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපන විශේෂඥයින් අතර විශේෂ සාකච්ඡාවක්

2026 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවර නිල සංචාරයක නිරත වන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ (British Council) අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) පැවැත්වුණා. 

දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි.  

විශේෂයෙන්ම ගුරු පුහුණු වැඩසටහන්, ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන ව්‍යාපෘති, අධ්‍යාපන රාමු සහ භාෂා ප්‍රවීණතා කුසලතා සංවර්ධනය කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණා.

මෙහිදී බ්‍රිතාන්‍ය කවුන්සිලය සතු ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳව කරුණු ඉදිරිපත් කළ එම නියෝජිතයෝ, ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන තම ආයතනික වැඩසටහන් පිළිබඳව ද කරුණු පැහැදිලි කළා. 

 ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තාක්ෂණික සහාය, ගුරු සංවර්ධනය සහ ප්‍රතිපත්තිමය සහයෝගීතාවය ලබා දීමට තමන් සූදානම් බව ද ඔවුහු ප්‍රකාශ කර සිටියා.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම, පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සහ සිසුන් සඳහා ඉගෙනුම් අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැනුණා.

බ්‍රිතාන්‍ය කවුන්සිලය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අඛණ්ඩව දක්වන දායකත්වය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් වූ අතර, මෙවැනි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18