අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක් තුළ වෙඩි තැබිමක්

අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක ඊයේ(28) රාත්‍රි සිදු වු වෙඩි තැබිමකින් කාන්තාවක් තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුලත් කොට ඇතැයි බංගම පොලීසිය පවසයි.

එලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් වන අතර පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම තරුණියගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා විසින් මෙම වෙඩි තැබිම සිදු කොට ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.

මෙම වෙඩි තැබිම සඳහා මේරට නිෂ්පාදිත බෝර 12 ගිණි අවියක් යොදාගෙන ඇති බවත් වෙඩිතැබිම සිදුකල අකුරැස්ස දීගල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරු ලේනම කැලැබද ප්‍රදේශයක සැඟව සිටියදි වෙඩිතැබිමට භාවිතා කල ගිණි අවියද සමඟ ඊයේ රාත්‍රි අකුරැස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවිම සම්බන්ධයෙන් බංගම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !