පසු ගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනාට එල්ල වී ඇතැයි කියන තර්ජන පිළිබඳව එලෙස විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහාධිකරණය විසින් පොලිස්පතිවරයාට අද (08) නියම කර තිබෙනවා.
මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි ප්‍රධාන සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවූ සරත් කුමාර නමැති සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අතුල සංජීව මදනායක නමැති සාක්ෂිකරු පමණක් අධිකරණය පෙනී සිටියේය.
ඉදිරිපත්වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නඩුවේ සාක්ෂි විමසා අවසන් වනතුරු සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණයට පැමිණෙන හා පිටව යන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසද ඔවුන්ගේ නිවාස වලට අවශ්ය ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයාට නියම කර ඇත.