සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් හරහා මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද සිට ලබාගත හැකි බවයි සතොස සමාගම නිවේදනය කළේ.

ඒ අනුව සතොස මගින් රුපියල් 530කට අලෙවි කළ දේශීය ටින් මාලු ග්‍රෑම් 425 ටින් එකක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 475ක්.

අර්තාපල් කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 280ක්.

රුපියල් 180ට පැවති රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 175ක් වනු ඇති.

රතු පරිප්පු කිලෝවක මිල රුපියලකින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 309ක්.

සුදු නාඩු සහ රතු නාඩු කිලෝවක මිල ද රුපියල බැගින් අඩු කර ඇති අතර නව මිල පිළිවෙලින් රුපියල් 206ක් සහ 199ක් වනු ඇති. එමෙන්ම ආනයනික බිත්තර ද රුපියල් 35ක මුදලකට ලබාදීමට සතොස පියවර ගෙන තිබෙනවා.

Sathosa Foods
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
12
+1
0
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?