ජෙලිෆිෂ් ප්‍රහාරයකට ලක්වීමෙන් ධීවරයෙක් මරුට

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයෙකු මසුන් ඇල්ලීමට යාමේදී ජෙලිෆිෂ් ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) දින මියගොස් ඇතැයි යාපනය පොලිසිය පවසනවා.

මෙම ධීවරයා පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මස 09 වැනිදා ගුරුනගර් මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවකදී ජෙලිෆිෂ් ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබා නිවසට ගොස් තිබුණා.

කෙසේවෙතත් තුවාල සම්පූරණයෙන් සුව නොවීම හා යහපත් සෞඛ්‍ය තත්වයකින් නොසිටීම හේතුවෙන් නැවත අසනීප වී රෝහල් ගතකර තිබු බවයි අප වාර්තාකරු කියාසිටියේ.

තුවාල සුව නොවීම හා සිරුරේ වෙනත් ඉන්ද්‍රියන් අකර්මන්‍ය වී බරපතල තත්වයේ සිටි ධීවරයා ඊයේ (07) දින මිය ගොස් තිබෙනවා.

මිය ගිය ධීවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ජෙලිෆිෂ් විෂ හේතුවෙන් සිදුවූ තුවාල සුව නොවීම හා එම තුවාල මගින් විෂබීජ ඇතුලුවී රෝගියාගේ සිරුරේ බොහෝ ඉන්ද්‍රියන් අකර්මන්‍ය වීම හමුවේ මෙලෙස මිය ගොස් ඇති බවටයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ධීවරයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24