spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෙලිෆිෂ් ප්‍රහාරයකට ලක්වීමෙන් ධීවරයෙක් මරුට

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයෙකු මසුන් ඇල්ලීමට යාමේදී ජෙලිෆිෂ් ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) දින මියගොස් ඇතැයි යාපනය පොලිසිය පවසනවා.

මෙම ධීවරයා පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මස 09 වැනිදා ගුරුනගර් මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවකදී ජෙලිෆිෂ් ප්‍රහාරයකට ලක්ව යාපනය ශික්ෂණ රෝහලේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබා නිවසට ගොස් තිබුණා.

කෙසේවෙතත් තුවාල සම්පූරණයෙන් සුව නොවීම හා යහපත් සෞඛ්‍ය තත්වයකින් නොසිටීම හේතුවෙන් නැවත අසනීප වී රෝහල් ගතකර තිබු බවයි අප වාර්තාකරු කියාසිටියේ.

තුවාල සුව නොවීම හා සිරුරේ වෙනත් ඉන්ද්‍රියන් අකර්මන්‍ය වී බරපතල තත්වයේ සිටි ධීවරයා ඊයේ (07) දින මිය ගොස් තිබෙනවා.

මිය ගිය ධීවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ජෙලිෆිෂ් විෂ හේතුවෙන් සිදුවූ තුවාල සුව නොවීම හා එම තුවාල මගින් විෂබීජ ඇතුලුවී රෝගියාගේ සිරුරේ බොහෝ ඉන්ද්‍රියන් අකර්මන්‍ය වීම හමුවේ මෙලෙස මිය ගොස් ඇති බවටයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ධීවරයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?