AFC Banner
Empty Ad
AFC Banner

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි සතොස ආයතනය සඳහන් කළේ.

ඒ අනුව පසුගිය සතියේ මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 12ට අමරතව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල ගණන් මෙලෙස පහළ දමා තිබෙනවා.

ඒ අනුව ටින් මාළු 425g රුපියල් 30කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 490ක්.

ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 22කින් අඩු කළ අතර නව මිල රුපියල් 97ක් වනවා.

පාන් පිටි කිලෝවක් රුපියල් 10කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 225ක්.

හෙට (07) දින සිට දිවයින පුරා සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල සහනය ලබා ගැනීමට ජනතාවට හැකියාව පවතිනවා.

මීට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ 500කට අධික ප්‍රමාණයක් සඳහා සුවිශේෂී මිල අඩුකිරීම් සහ වට්ටම් ලබාදීමට කටයුතු සලසා ඇති බවද ලංකා සතොස ජනතාවට දැනුම් දෙනවා.

Sathosa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලතා ජනපති අනුරට සැරට අමතයි - තෙල් මිල අඩුකරන්න බෑලූ - නිදහසට කාරනා හොයනවා
08:56
Video thumbnail
අනුර විදේශ ඇමතිකම දෙන්න යන්නේ සුමන්තිරන්ට? - සරත් වීරසේකරගෙන් අනතුරු ඇඟවීමක්
01:57
Video thumbnail
මනූෂ අනාවැකි පළ කරයි - මාලිමාවට ඡන්දෙ දුන්න අයට ස්තූතියි
02:44
Video thumbnail
මිනිස්සු ආය වැට්ටුවොත් අනුරටත් Go Home තමයි #anurakumaradissanayake
02:46
Video thumbnail
අදත් පාස්පෝර්ට් ගන්න ආපු කට්ටියට යකා ආවේස වෙයි - මොන Online ද ? Online වැඩ කරන්නේ නෑනේ
03:01
Video thumbnail
රනිල් කාපු කාබනික එළවළු ගැන සාගල කට අරී #ranilwickremesinghe
02:16
Video thumbnail
ජාවත්ත මංසන්ධියේ නේවාසිකාගාර පෙළක ගින්නක් - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
01:15
Video thumbnail
මාලිමාවට කොහොමත් 2/3 ලැබෙන්නේ නෑ
05:19
Video thumbnail
සාගල රත්නායක අනුරට හොඳටම දෙසයි #anurakumaradissanayake
05:11
Video thumbnail
වැහි දෙයියෝ නැවත එයි.. ගාල්ල යටවෙයි
02:07

?