spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි සතොස ආයතනය සඳහන් කළේ.

ඒ අනුව පසුගිය සතියේ මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 12ට අමරතව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල ගණන් මෙලෙස පහළ දමා තිබෙනවා.

ඒ අනුව ටින් මාළු 425g රුපියල් 30කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 490ක්.

ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 22කින් අඩු කළ අතර නව මිල රුපියල් 97ක් වනවා.

පාන් පිටි කිලෝවක් රුපියල් 10කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 225ක්.

හෙට (07) දින සිට දිවයින පුරා සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල සහනය ලබා ගැනීමට ජනතාවට හැකියාව පවතිනවා.

මීට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ 500කට අධික ප්‍රමාණයක් සඳහා සුවිශේෂී මිල අඩුකිරීම් සහ වට්ටම් ලබාදීමට කටයුතු සලසා ඇති බවද ලංකා සතොස ජනතාවට දැනුම් දෙනවා.

Sathosa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?