යොවුන් කාන්තා ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට

වයස අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලානය ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට අද (22) හැකියාව ලැබුණා.

ඒ, අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ලකුණු 41 කින් පරාජය කරමින්.

මැලේසියාවේ ක්වලාලම්පුර් හි දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 117ක් රැස් කළා.

අනතුරුව ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ සියල්ල දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 76ක් පමණයි.

මැලේසියාවේ සත්කාරකත්වයෙන් පැවති මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 16ක් එක්ව සිටියා.

මෙවර තරගවලියේ සුපිරි හතර දෙනාගේ වටයට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදුන් 19න් පහළ කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණත් අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේට මෙහෙම කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්න - අනුර ගේන්න කැපවුණේ ඩයස්පෝරාව
02:59
Video thumbnail
සුරේෂ් සලේ වෙනුවෙන් රෑම ආ දිලිත් - සමාවෙන්න වාඩිවෙලා කතා කරන එක ගැන - තාම සැකකරුවෙක් විතරයි..
04:27
Video thumbnail
තිස්සකුට්ටිට - මරික්කාර සැරටම දෙසයි - බදුල්ලෙන් එලවලා මොණරාගලට පැනලා අනුරාධපුරයට ගියපු කෙනානේ
02:10
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය ගැන මරික්කාර් කට උත්තර නැතිවෙන්න කියයි - මම දන්නේ නෑ එහෙම එකක්
03:01
Video thumbnail
පොහොට්ටුවට ගිය බලංගොඩ ආසන සංවිධායකයගේ බොරුව මෙන්න - මේ ඇන්දිලි - ෂෝ..දෙවෙනි පාරටත් රැවැට්ටුවද ?
03:28
Video thumbnail
මරික්කාර් ජනපති අනුර ගැන ගුණ වයයි - බොරු කිව්වත් මේක ගැන හැඟීමක් තියෙනවා
04:05
Video thumbnail
ඩොලරය නඟිනවා කියන්නේ රටේ ණය බර වැඩිවෙනවා - උද්දච්ච උම්මත්තක එවුන්නේ මේ
04:08
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:26
Video thumbnail
බිරිඳගෙන් අහන්න කුස්සියේ ආර්ථික අර්බුදයක් නැද්ද කියලා..අනුන්ගේ හිල් ජොක්කු ඇදපු පක්ෂයක්නේ
03:59
Video thumbnail
සලේ නිදොස් කොට නිදහස් වෙන එක සහතිකයි - අද හරිනම් හිර කූඩුවේ ඉන්න ඕනි රවී,ශානි දෙන්නා
04:14