වාද්දූව – මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ අද (24) උදෑසන සිදු වූ බස් අනතුරින් තුවාල ලබා සිටි එක් බස් රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
අදාළ රියදුරා බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පවත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් තුවල් ලැබූ අනෙක් බස් රථයේ රියදුරු ද මේ වනවිට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ අතර, එක් බස් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැකපල කරන්නේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලිසිය සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
1
+1
2
+1
+1



