Update – රාවතාවත්ත බස් අනතුරේ බසය පැදවූ කොන්දොස්තර මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හෙළිවෙයි

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ දී අද (13) උදෑසන මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් බෝ ගසක ගැටී අනතුරක් සිදු වුණා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථය ධාවනය කර ඇත්තේ එහි කොන්දොස්තරවරයා බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් බස් රථය පැදවූ කොන්දොස්තරවරයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ පානදුර මූලික රෝහලටයි එහිදී සිදුකළ පරීක්ෂා කිරීම්වල දී තහවුරු වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ දී කොන්දොස්තර මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවයි.

මොහු අයිස්, හෙරොයින් සහ මත්පැන් පානය කර සිට ඇති බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වී ඇති බවයි මොරටුව මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් සඳහන් කළේ.

මොරටුව – පිටකොටුව බස් මාර්ගයේ ධාවනය කරන මෙම බස් රථය අද (13) පෙරවරුවේ තම ගමන් වාරය සඳහා බස් රථය හිමිකරුගේ නිවසේ සිට මොරටුව බස් නැවතුමට රැගෙන යන අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාර්ගය අසල පිහිටි බෝගසක බස් රථයක් ගැටී රථය ධාවනය කළ කොන්දොස්තරවරයා රියදුරු අසුනද සමඟ බසයෙන් එළියට විසි වී තුවාල ලබා තිබෙනවා.

එම අවස්ථාවේ දී බස් රථය පැදවූ 23 හැවිරිදි කොන්දොස්තරවරයාට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබූ කොන්දොස්තරවරයා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මොරටුව මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
8
+1
1
+1
1
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?