Update – රාවතාවත්ත බස් අනතුරේ බසය පැදවූ කොන්දොස්තර මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හෙළිවෙයි

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ දී අද (13) උදෑසන මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් බෝ ගසක ගැටී අනතුරක් සිදු වුණා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථය ධාවනය කර ඇත්තේ එහි කොන්දොස්තරවරයා බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් බස් රථය පැදවූ කොන්දොස්තරවරයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ පානදුර මූලික රෝහලටයි එහිදී සිදුකළ පරීක්ෂා කිරීම්වල දී තහවුරු වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ දී කොන්දොස්තර මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවයි.

මොහු අයිස්, හෙරොයින් සහ මත්පැන් පානය කර සිට ඇති බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වී ඇති බවයි මොරටුව මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් සඳහන් කළේ.

මොරටුව – පිටකොටුව බස් මාර්ගයේ ධාවනය කරන මෙම බස් රථය අද (13) පෙරවරුවේ තම ගමන් වාරය සඳහා බස් රථය හිමිකරුගේ නිවසේ සිට මොරටුව බස් නැවතුමට රැගෙන යන අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාර්ගය අසල පිහිටි බෝගසක බස් රථයක් ගැටී රථය ධාවනය කළ කොන්දොස්තරවරයා රියදුරු අසුනද සමඟ බසයෙන් එළියට විසි වී තුවාල ලබා තිබෙනවා.

එම අවස්ථාවේ දී බස් රථය පැදවූ 23 හැවිරිදි කොන්දොස්තරවරයාට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබූ කොන්දොස්තරවරයා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මොරටුව මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14