AFC Banner
Empty Ad
Empty Ad

Update – යාපනයේ මාරක අනතුරින් මියගිය කතුන් දෙදෙනා හඳුනාගැනේ

යාපනය, අල්ලෙපිට්ටි ප්‍රදේශයේදී ඊයේ (01) පස්වරුවේ සිදුවූ අනතුරින් මියගිය කාන්තාවන් දෙදෙනා හඳුනාගත් බව යාපනය – කයිට්ස් පොලිසිය පවසනවා.

යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලියින් සිව්දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරින් මියගොස් ඇත්තේ යාපනය,කෝපායි ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක් වූ නවනීදරාසා නිලක්ෂණා නමැති කාන්තාවක් සහ යාපනය, මානිප්පායි ප්‍රදේශයේ පදිංචි කේ.දිව්‍ය නමැති වයස අවුරුදු 31ක කාන්තාවක්.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.

මෝටර් රථයේ ගමන්ගත් තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද පොලිසිය සඳහන් කර සිටියා.

මියගිය කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.

යතුරුපැදියේ සහ මෝටර් රථයේ අධික වේගය අනතුරට හේතු වී ඇති බව පොලිසිය සැකපළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?