UPDATE – මොස්කව් ප්‍රහාරයෙන් 115ක් ජිවිතක්ෂයට

රුසියාව මොස්කව් නගරයට නුදුරින් පැවැත්වුණු සංගීත සංදර්ශනයකට තුවක්කු කරුවන් විසින් එල්ලකළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 115 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියාව පවසනවා.

එමෙන්ම 180කට වැඩි පිරිසක් මේ හේතුවෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

මොස්කව් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගත් සහ තුවාල ලබා ඇති පිරිස සොයා තවමත් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මේ වනවිට ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර, රඳවා ගැනීමට ලක්කර සිටින ප්‍රහාරකයින්ට යුක්‍රේනය සමග සම්බන්ධතා තිබී ඇති බව රුසියානු ආරක්ෂක ඒජන්සිය චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ වෙතත්, යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyගේ උපදේශකයෙකු වන Mykhailo Podolyak, රුසියාව විසින් සිදු කරන එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තම රටට මෙම සිදුවීම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13