spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

UPDATE – මොස්කව් ප්‍රහාරයෙන් 115ක් ජිවිතක්ෂයට

රුසියාව මොස්කව් නගරයට නුදුරින් පැවැත්වුණු සංගීත සංදර්ශනයකට තුවක්කු කරුවන් විසින් එල්ලකළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 115 දෙනෙකු මිය ගොස් ඇති බව රුසියාව පවසනවා.

එමෙන්ම 180කට වැඩි පිරිසක් මේ හේතුවෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

මොස්කව් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගත් සහ තුවාල ලබා ඇති පිරිස සොයා තවමත් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මේ වනවිට ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර, රඳවා ගැනීමට ලක්කර සිටින ප්‍රහාරකයින්ට යුක්‍රේනය සමග සම්බන්ධතා තිබී ඇති බව රුසියානු ආරක්ෂක ඒජන්සිය චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ වෙතත්, යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyගේ උපදේශකයෙකු වන Mykhailo Podolyak, රුසියාව විසින් සිදු කරන එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තම රටට මෙම සිදුවීම්වලට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?