Update – මෙල්බර්න් ගුවන්තොටේ දී ප්‍රමාද වූ ගුවන් යානය හෙට උදෑසන වන විට කටුනායකට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක්ව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය හෙට (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පවසනවා.

ඊයේ (15) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළ වෙත ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනා මේ වනවිට මෙම ගුවන් යානය අලුත්වැඩියා කර යථා තත්වයට පත් කර ඇති බවයි දීපාල් පෙරේරා සඳහන් කළේ.

ඒ, අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 605 දරණ මෙම ගුවන් යානය හෙට (17) දින අලුයම 12.30ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 300ක පමණ පිරිස රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වන බවත් ඔහු පැවසුවා.

එම ගුවන් යානය හෙට (17) දින උදෑසන 09.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක බලා ඊයේ (15) දිනයේ ගමන් ඇරඹීමට නියමිතව තිබූ මෙම දරණ ගුවන් යානය හදිසියේ අවලංගු කිරීමට සිදු වූ නිසා එහි පැමිණීමට සිටි මගීන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදී ඔවුන් චෝදනා කළේ ගුවන් යානය වෙත නංවාගෙන පැය පහක පමණ කාලයක් ඒ තුළ රඳවාගෙන සිටි බවයි.

සිදුව ඇති දේ පිළිබඳව ගුවන් සේවය විසින් තමන්ව නිසා ආකාරයෙන් දැනුම්වත් නොකළ බවට ද එම ගුවන් මගීන් චෝදනා කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?