Update – මෙල්බර්න් ගුවන්තොටේ දී ප්‍රමාද වූ ගුවන් යානය හෙට උදෑසන වන විට කටුනායකට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක්ව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය හෙට (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පවසනවා.

ඊයේ (15) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළ වෙත ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනා මේ වනවිට මෙම ගුවන් යානය අලුත්වැඩියා කර යථා තත්වයට පත් කර ඇති බවයි දීපාල් පෙරේරා සඳහන් කළේ.

ඒ, අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 605 දරණ මෙම ගුවන් යානය හෙට (17) දින අලුයම 12.30ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 300ක පමණ පිරිස රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වන බවත් ඔහු පැවසුවා.

එම ගුවන් යානය හෙට (17) දින උදෑසන 09.30ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක බලා ඊයේ (15) දිනයේ ගමන් ඇරඹීමට නියමිතව තිබූ මෙම දරණ ගුවන් යානය හදිසියේ අවලංගු කිරීමට සිදු වූ නිසා එහි පැමිණීමට සිටි මගීන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදී ඔවුන් චෝදනා කළේ ගුවන් යානය වෙත නංවාගෙන පැය පහක පමණ කාලයක් ඒ තුළ රඳවාගෙන සිටි බවයි.

සිදුව ඇති දේ පිළිබඳව ගුවන් සේවය විසින් තමන්ව නිසා ආකාරයෙන් දැනුම්වත් නොකළ බවට ද එම ගුවන් මගීන් චෝදනා කර සිටියා.

  1. ඹ්නෑම අවස්තාවක ගුවන් මගියා හෝ අනික් වෙන ස්ථානයක එම සේවා දායකයා දැනුවත් නොකල හොත් මගියා සැම විටම තරහා කර ගන්නා බව ගුවන් සමාගම දැනගත යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33