AFC Banner
AFC Banner
Empty Ad

UPDATE:- ව්‍යාපාරික ස්ථානයක හටගත් ගින්නෙන් කෝටි 30ක අලාභයක් – සිද්ධියට මෙතෙක් හේතුවක් නැහැ (වීඩියෝ)

විශාල දේපොළ හානියක් සිදු කරමින් ඊයේ (23) රාත්‍රී 7.30ට පමණ කොළඹ – හලාවත මාර්ගයේ මහවැව නගර මධ්‍යයේ හටගත් ගින්න මේ වනවිට (24) සම්පූර්ණයෙන් ම මැඩපවත්වා තිබෙනවා.

එම ගින්න හටගෙන ඇත්තේ රෙදිපිළි, පොත්පත් අලෙවි කළ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කරගෙනයි.

ගින්නට හසු ව නගරයේ තිබූ ට්‍රාන්ස්ෆෝමරයක් ද පුපුරා ගොස් ඇති අතර විදුලි රැහැන් පද්ධතියට ද දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

ගින්නෙන් දේපොළ හානි සිදු වුව ද ජීවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැහැ.

මෙම ගින්න මැඩපැවැත්වීමට හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය, තොඩුවාව පොලීසියට අමතරව මාරවිල සහ මාදම්පේ පොලිස් ස්ථානවලින් ද පැමිණ සිටියා.

දැවැන්ත ගින්න මධ්‍යම රාත්‍රිය ගෙවෙන තුරුත් පැවතුණු බවත්; ක්‍රමයෙන් ගින්න නිවා දැමීමට හැකි වූ බවත් පැවසෙනවා.

මහවැව නගරයේ දෙමහල් ගොඩනැගිල්ල ගින්නෙ සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති අතර
ගින්න හට ගැනීමත් සමග හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව නගරය හරහා වාහන ගමන් කිරීම තාවකාලිකව නවත්වා දැමීමට පොලීසිය කටයුතු කළා.

සිදු වූ අලාභ හානි රුපියල් කෝටි 30කට අධික බවත් ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?