UPDATE:- ව්‍යාපාරික ස්ථානයක හටගත් ගින්නෙන් කෝටි 30ක අලාභයක් – සිද්ධියට මෙතෙක් හේතුවක් නැහැ (වීඩියෝ)

විශාල දේපොළ හානියක් සිදු කරමින් ඊයේ (23) රාත්‍රී 7.30ට පමණ කොළඹ – හලාවත මාර්ගයේ මහවැව නගර මධ්‍යයේ හටගත් ගින්න මේ වනවිට (24) සම්පූර්ණයෙන් ම මැඩපවත්වා තිබෙනවා.

එම ගින්න හටගෙන ඇත්තේ රෙදිපිළි, පොත්පත් අලෙවි කළ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කරගෙනයි.

ගින්නට හසු ව නගරයේ තිබූ ට්‍රාන්ස්ෆෝමරයක් ද පුපුරා ගොස් ඇති අතර විදුලි රැහැන් පද්ධතියට ද දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

ගින්නෙන් දේපොළ හානි සිදු වුව ද ජීවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැහැ.

මෙම ගින්න මැඩපැවැත්වීමට හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය, තොඩුවාව පොලීසියට අමතරව මාරවිල සහ මාදම්පේ පොලිස් ස්ථානවලින් ද පැමිණ සිටියා.

දැවැන්ත ගින්න මධ්‍යම රාත්‍රිය ගෙවෙන තුරුත් පැවතුණු බවත්; ක්‍රමයෙන් ගින්න නිවා දැමීමට හැකි වූ බවත් පැවසෙනවා.

මහවැව නගරයේ දෙමහල් ගොඩනැගිල්ල ගින්නෙ සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති අතර
ගින්න හට ගැනීමත් සමග හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව නගරය හරහා වාහන ගමන් කිරීම තාවකාලිකව නවත්වා දැමීමට පොලීසිය කටයුතු කළා.

සිදු වූ අලාභ හානි රුපියල් කෝටි 30කට අධික බවත් ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08