Update – භූ කම්පනයෙන් මියන්මාරයේ මියගිය ගණන 1,644ක් දක්වා ඉහළට – තායිලන්තයේත් මරණ 17ක්

පෙරේදා ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් ආපදාවට ලක්ව සිටින අසල්වැසි මියන්මාරයේ සහන සේවා කටයුතු සඳහා සහායවීමට තායිලන්තය තීරණය කර තිබෙනවා.

මෙම භූ කම්පනයේ බලපෑමෙන් බැංකොක් නුවර ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි සුන්බුන්වලට සිර වී සිටින පිරිස මුදාගැනීමේ කටයුතු සිදුකරන අතර තුර තායිලන්තය මෙම පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව තායිලන්තය හමුදා නිලධාරීන් 55 දෙනෙකු සහ ගලවා ගැනීමේ සුනඛයන් හයදෙනෙකු සහ දොඹකර සහ කැණීම් යන්ත්‍ර ඇතුළු උපකරණ මියන්මාරය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඕස්ට්‍රේලියාව ද මියන්මාරයට ක්ෂණික මානුෂීය සහන සැපයීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 02ක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා මියන්මාරයට ලබාදෙන බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාව පවසන්නේ මියන්මාර හමුදා පාලනයට සිය සෘජු අරමුදල් ලබා නොදෙන බවත්, ඒ හේතුවෙන් එම අරමුදල් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා මෙලෙස ලබාදීමට තීරණය කළ බවයි.

මේ අතර භූකම්පනයත් සමඟ බැංකොක් නුවර ඉදිකරමින් පැවති ගොඩනැගිල්ල කඩාවැටීම සම්බන්ධයෙන් තායි බලධාරීන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

තායිලන්තයේ පොදු වැඩ සහ නගර සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන ගිය රාජ්‍ය විගණන කාර්යාලයේ ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව විමර්ශනය කරන බවයි තායි බලධාරීන් පවසන්නේ.

මේ අතර භූ කම්පනයෙන් තායිලන්තය තුළ සිදු වූ මරණ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගිය 17 දෙනා අතුරින් 10 දෙනෙකු ඉදිකරමින් පැවති විගණන කාර්යාල ගොඩනැගිල්ල තුළ සිටි අය බවයි වාර්තා වන්නේ.

මේ අතර භූ කම්පනයෙන් මියන්මාර තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,644ක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

කඩා වැටුණු ගොඩනැඟිලි තුළ සිර වී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් මියන්මාර තුළත් තවමත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31