ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී දරුණු අනතුරක්

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ ප්‍රපාතයට පෙරළී අද (02) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ ගමත් ගත් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත්කර ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

අද (01) අලුයම 1:00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ නාය ගිය ස්ථානයට සහ ලංගම බස් රථ අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අනතුරකින් තුවාල ලැබූ අයෙක් බැලීමට ගොස් ආපසු කොත්මලේ – තවලන්තැන්න දක්වා ගමන් ගත පිරිසක් රැගත් වෑන් රථයක්.

වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40