Update – භූ කම්පනයෙන් මියන්මාරයේ මියගිය ගණන 1,644ක් දක්වා ඉහළට – තායිලන්තයේත් මරණ 17ක්

පෙරේදා ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් ආපදාවට ලක්ව සිටින අසල්වැසි මියන්මාරයේ සහන සේවා කටයුතු සඳහා සහායවීමට තායිලන්තය තීරණය කර තිබෙනවා.

මෙම භූ කම්පනයේ බලපෑමෙන් බැංකොක් නුවර ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි සුන්බුන්වලට සිර වී සිටින පිරිස මුදාගැනීමේ කටයුතු සිදුකරන අතර තුර තායිලන්තය මෙම පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව තායිලන්තය හමුදා නිලධාරීන් 55 දෙනෙකු සහ ගලවා ගැනීමේ සුනඛයන් හයදෙනෙකු සහ දොඹකර සහ කැණීම් යන්ත්‍ර ඇතුළු උපකරණ මියන්මාරය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඕස්ට්‍රේලියාව ද මියන්මාරයට ක්ෂණික මානුෂීය සහන සැපයීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 02ක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා මියන්මාරයට ලබාදෙන බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාව පවසන්නේ මියන්මාර හමුදා පාලනයට සිය සෘජු අරමුදල් ලබා නොදෙන බවත්, ඒ හේතුවෙන් එම අරමුදල් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා මෙලෙස ලබාදීමට තීරණය කළ බවයි.

මේ අතර භූකම්පනයත් සමඟ බැංකොක් නුවර ඉදිකරමින් පැවති ගොඩනැගිල්ල කඩාවැටීම සම්බන්ධයෙන් තායි බලධාරීන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

තායිලන්තයේ පොදු වැඩ සහ නගර සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන ගිය රාජ්‍ය විගණන කාර්යාලයේ ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව විමර්ශනය කරන බවයි තායි බලධාරීන් පවසන්නේ.

මේ අතර භූ කම්පනයෙන් තායිලන්තය තුළ සිදු වූ මරණ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගිය 17 දෙනා අතුරින් 10 දෙනෙකු ඉදිකරමින් පැවති විගණන කාර්යාල ගොඩනැගිල්ල තුළ සිටි අය බවයි වාර්තා වන්නේ.

මේ අතර භූ කම්පනයෙන් මියන්මාර තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,644ක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

කඩා වැටුණු ගොඩනැඟිලි තුළ සිර වී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් මියන්මාර තුළත් තවමත් ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09