අප්‍රේල් 20 දක්වා ජලය සැපයීමට කළමනාකරණයක් යටතේ – ජල හිඟය නිරීක්ෂණයට සහ කළමනාකරණයට කමිටුවක්

පානීය ජල හිඟය නිරීක්ෂණයට හා කළමනාකරණයට ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

වියළි කාලගුණය හේතුවෙන් ශීඝ්‍රයෙන් සිදෙමින් පවතින ජල මුලාශ්‍ර සහ එමඟින් සීමාවෙමින් පවතින නිෂ්පාදන ධාරිතාවය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ජල නිෂ්පාදනය සහ බෙදාහැරීම නිරීක්ෂණය කිරීමට මෙන්ම පාලනය කිරීම අරමුණෙන් අදාළ විෂය භාර නිලධාරීන්ගෙන් සමන්විත මෙම විශේෂ මෙහෙයුම් කමිටුව පත්කර තිබෙනවා.

ජල මුලාශ්‍රවල පවතින ගැටලු, ජල නිෂ්පාදන ධාරිතාවයන් සහ සැපයුම් රටාවන් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම, හඳුනාගත් කාල රාමු තුළ දිනපතා, සතිපතා තත්ත්වය සමාලෝචනය කිරීම මෙම කමිටුව මඟින් සිදුකරනු ලබනවා.

මේ අතර වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වුණා.

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන අප්‍රේල් 20 වනදා දකවා වන කාලය තුළ යම් කළමනාකරණයක් යටතේ ජලය සැපයීමට සිදුවන බවයි ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව දී පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26