අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් හතර දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) එච්.එස්.එස්. තුයියකොන්තා පත් කිරීමට අනුමැති හිමිව තිබෙනවා.

එමෙන්ම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස එමෙන්ම එල්. මොහොමඩ් නවාවි සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙසත් ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ පත් කිරීමට ද මෙම කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ඊට අමතරව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගලගේ පත්වීම් කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.