spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

Update – බදුල්ල – සොරණාතොට ලොරි අනතුරට හේතුව හෙළිවෙයි (වීඩියෝ)

බදුල්ල, සොරණාතොට, වැලිහිද ප්‍රදේශයේ දී අද (05) දහවල් ලොරි රථයක් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිදු වූ මාරාන්තික අනතුරින් තුවාල ලැබූ තිදෙනා මේ වනවිට බදුල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මෙලෙස ප්‍රතිකාර ලබන්නේ 39,40 සහ 58 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක්.

මෙම අනතුරින් එම ලොරි රථයේ ගමන්ගත් හතරදෙ⁣නෙක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති අතර, ඔවුන් නීල් කුමාර රත්නායක, එස් ජයසිංහ, ඩබ්ලිව්.එම් නිමල් සහ එන් ක්‍රීෂාන්ත නැමැති අයවලුන් බවයි පොලිසිය සඳහන් කළේ.

මාර්ගවල මගී ආවරණ සවි කිරීමේ කටයුතු සදහා මොණරාගල සිට පැමිණි ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, රථයේ තිරිංග ක්‍රීයා විරහිත වීමෙන් මෙම අණතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?