නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය, අද (10) උදෑසන 07.00 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එය ක්‍රමයෙන් දුර්වල වෙමින් අද (10) දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ඒ අනුව ඉදිරි පැය 24 තුළ දී උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.
එමෙන්ම දිවයිනේ උතුරු අර්ධයේ අහස වළාකුළින් බරව පවතිනවා.
මේ අතර උතුරු පළාතේ විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝ මීටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.
එමෙන්ම පුත්තලම, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 දක්වා වන තද සුළං ඇති විය හැකි බව ද දැනුම් දෙනවා.




