පසුගිය දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් රචිත ”පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා යෑම” නම් කෘතිය ඔහු විසින් රචනා කිරීම සාධාරණ නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේයිගේ නීතිඥයා වශයෙන් පෙනී සිටිමින් මෙම කෘතිය රචනා කිරීම සාධාරණ නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම අත්අඩංගුවේ සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේයි විසින් ලබා දුන් කටඋත්ත්රයේ සාරාංශයක් ලෙස මෙම පොත පෙන්වා දිය හැකි බවත් මුජිබර් රහුමාන් පවසනවා.
”සුරේෂ් සලෙයි මහත්මයාගේ කටඋත්තරයේ සාරාංශයක් තමයි ගම්මන්පිල මහත්මයාගේ පොතේ තියෙන්නේ. වෙන මුකුත් ඕන නැහැ. සුරේෂ් සලෙයිගේ කටඋත්තරය කියෙව්වා නම් ගම්මන්පිලගේ පොත කියවන්න ඕනේ නැහැ, ගම්මන්පිලගේ පොත කියෙව්වා නම් සුරේෂ් සලෙයිගේ කටඋත්තරය කියවන්න ඕනෙත් නැහැ. මොකද දෙකේම තියෙන්නේ එකම දේවල්” මන්ත්‍රීවරයා සඳහන් කළා.














EWho the heck you are Mujiobar? who cares what you say