බිරිඳව අවසන් ගමන් යැවූ 76 හැවිරිදි සැකකාර සැමියා මාට්ටු

පසුගිය 31 වැනිදා දින දහවල් ගම්පහ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේ නිවසක් තුළ දී කාන්තාවක් සැකකටයුතු ලෙස මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ ස්වාමි පුරුෂයා විසින් ඇගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් වයස අවරුදු 76ක් වූ සැකකරු ඊයේ (03) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.