Update :- දකුණු අප්‍රිකාවට දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 273ක ජය හිමිවෙයි

සංචාරක දකුණු අප්‍රිකාව හමුවේ චැතග්‍රාම් හි පැවති දෙවැනි ටෙස්ට් තරගය ද ඉනිමකින් සහ ලකුණු 273කින් බංග්ලාදේශ කණ්ඩායමට පරාජය වන්නට සිදු වුණා.

තරගයේ තුන්වැනි දිනය ක්‍රියාත්මක අද (31) දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිට ලකුණු 159කට සියල්ලන් ම දැවී ගියා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 575ක් කඩුලු 06ක් දැවී ලබා සිටියදී තරගයේ සිය ඉනිම අත් හිටවීමටයි තීරණය කළේ.

ඉන් අනතුරුව බංග්ලාදේශය සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹුව ද එය එතරම් සාර්ථක වුණේ නැහැ.

අද දිනයේ මුල් භාගය වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ගිය ද යළිත් දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ලෙසට දකුණු අප්‍රිකාවෙන් ඇරයුම් ලැබුණා.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම දිවා ආහාරයෙන් පසුව දෙවැනි ඉනිම ඇරඹූ අතර දිනය අවසන් වීමටත් පෙර සියල්ලන් ම දැවී ගියේ දකුණු අප්‍රිකාවට ටෙස්ට් තරගාවලි ජය හිමිකර දෙමින්.

දෙවැනි ඉනිමේ දී බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ කේෂව් මහරාජ් කඩුලු 05ක් බිඳ දැමුවේ ලකුණු 59කටයි.

සෙනුරන් මුත්තුසාමි කඩුලු 04ක් සහ ඩේන් පැටර්සන්ගෙන් එක් කඩුල්ලක් හිමි වුණා.

දෙවැනි ඉනිම වෙනුවෙන් බංග්ලාදේශයේ ඉහළම ලකුණු ලාභියා හසාන් මහමුද්.

ඔහු නොදැවී ලකුණු 38ක් ලබාගත් අතර ලකුණු 36ක් නායක ෂැන්ටෝ ලබා ගත්තා.

ඒ අනුව තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදී සමස්ත තරගාවලියේ ම ජය වේලාසනින්ම තහවුරු කරගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය දෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 177ක් ලබාගත් ටොනි ද සොර්සි විසින් දිනා ගනු ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමි වූයේ තරග දෙකේදිම ටෙස්ට් කඩුලු 14ක් ලැබූ දකුණු අප්‍රිකාවේ කගිසො රබාඩා හටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?