Update :- දකුණු අප්‍රිකාවට දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 273ක ජය හිමිවෙයි

සංචාරක දකුණු අප්‍රිකාව හමුවේ චැතග්‍රාම් හි පැවති දෙවැනි ටෙස්ට් තරගය ද ඉනිමකින් සහ ලකුණු 273කින් බංග්ලාදේශ කණ්ඩායමට පරාජය වන්නට සිදු වුණා.

තරගයේ තුන්වැනි දිනය ක්‍රියාත්මක අද (31) දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිට ලකුණු 159කට සියල්ලන් ම දැවී ගියා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 575ක් කඩුලු 06ක් දැවී ලබා සිටියදී තරගයේ සිය ඉනිම අත් හිටවීමටයි තීරණය කළේ.

ඉන් අනතුරුව බංග්ලාදේශය සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹුව ද එය එතරම් සාර්ථක වුණේ නැහැ.

අද දිනයේ මුල් භාගය වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ගිය ද යළිත් දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ලෙසට දකුණු අප්‍රිකාවෙන් ඇරයුම් ලැබුණා.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම දිවා ආහාරයෙන් පසුව දෙවැනි ඉනිම ඇරඹූ අතර දිනය අවසන් වීමටත් පෙර සියල්ලන් ම දැවී ගියේ දකුණු අප්‍රිකාවට ටෙස්ට් තරගාවලි ජය හිමිකර දෙමින්.

දෙවැනි ඉනිමේ දී බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ කේෂව් මහරාජ් කඩුලු 05ක් බිඳ දැමුවේ ලකුණු 59කටයි.

සෙනුරන් මුත්තුසාමි කඩුලු 04ක් සහ ඩේන් පැටර්සන්ගෙන් එක් කඩුල්ලක් හිමි වුණා.

දෙවැනි ඉනිම වෙනුවෙන් බංග්ලාදේශයේ ඉහළම ලකුණු ලාභියා හසාන් මහමුද්.

ඔහු නොදැවී ලකුණු 38ක් ලබාගත් අතර ලකුණු 36ක් නායක ෂැන්ටෝ ලබා ගත්තා.

ඒ අනුව තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදී සමස්ත තරගාවලියේ ම ජය වේලාසනින්ම තහවුරු කරගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය දෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 177ක් ලබාගත් ටොනි ද සොර්සි විසින් දිනා ගනු ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමි වූයේ තරග දෙකේදිම ටෙස්ට් කඩුලු 14ක් ලැබූ දකුණු අප්‍රිකාවේ කගිසො රබාඩා හටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43