Update : දක්ෂිණ අධිවේගයේ සිදු වූ අනතුරින් තුවාල ලැබූ මව හා පියාට බරපතළයි – රෝහල් ආරංචි මාර්ග (වීඩියෝ)

දක්ෂිණ අධිවේගයේ පින්නදූව ආසන්නයේ දී ඊයේ (11) රාත්‍රියේ දී සිදු වූ මාරක අනතුරකින් එකම පවුලේ දියණියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණු අතර එම දරුවන්ගේ දෙමාපියන් ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ බරපතළ තුවාල ලැබූ මව හා පියාගේ තත්ත්වය ද අවදානම්සහගත බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 100 කිලෝමීටර් කණුව ස්ථානයේ දී කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ කාර් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් එම දිසාවටම ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදු වුණා.

අනතුරින් කාර් රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවුරුදු 10 හා 12 වයස්වල පසුවන අක්කා සහ නැගණිය යන දෙදෙනා ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ මාතර – නූපේ පදිංචි ව සිටි මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන උබේසිංහ ආරච්චිගේ සදීෂා (12) සහ එම විද්‍යාලයේම 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි උබේසිංහ ආරච්චිගේ සෙනුදි (10) නමැති දැරියන් දෙදෙනෙක්.

වැඩිමහල් දියණියගේ අසනීපයකට නාරාහේන්පිට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගෙන එන අතරතුර දී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

මියගිය දැරියන්ගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව උදානී රාජපක්ෂ මහත්මිය මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යවරියක්.

ඇය ඊට පෙර රාහුල විද්‍යාලයේ ද සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෘත දේහයන් කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධ වැඩිදුර විමර්ශන ඉමදූව පොලීසිය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
0
+1
4
+1
107
+1
5
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21