Update – තලාව බස් අනතුරේ රියදුරු අත්අඩංගුවට – 16 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා.

ඉන් තුවාලකරුවන් 37 දෙනෙක් අනුරාධපුර රෝහලේත් තවත් තුවාලකරුවන් 10 දෙනෙක් තලාව රෝහලේත් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාව, හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක සිසුවෙක්.

තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් බස් රථයක් මාර්ගයේ ඉවතට පැන අඩි 10ක් ප්‍රපාතයකට පෙරළී ගොස් අද (10) දහවල් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (11) දිනයේ තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද දැන් මහමොළකරු ? හේමමාලා කුමරියගේ සම්බන්ධය මොකක්ද ?ගම්මන්පිල කිව්ව දේ
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38