Update – තංගල්ල ධීවර යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටි එක් ධීවරයෙකුගේ සිරුර හමුවෙයි

තංගල්ල, පරවිවැල්ල වරායෙන් ධීවර කටයුතු සඳහා ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙම ධීවරයාගේ මළ සිරුර පෙරලුනු ධීවර යාත්‍රාව තුළ තිබී අද (29) පස්වරුවේ සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ හම්බන්තොට, පල්ලෙමලල ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවරයෙක්.

මේ අතර මෙම අනතුරින් අතුරුදන්ව සිටින අනෙක් ධීවරයා සොයා තවදුරටත් නාවික හමුදාව මෙහෙයුම් සිදුකරනු ලබනවා.

පරවිවැල්ල වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී මෙම යාත්‍රාව ඊයේ (28) රාත්‍රියේ ගල් පරයක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබුණා.

එහිදී යාත්‍රාවේ සිටි ධීවරයින් හයදෙනාගෙන් සිව්දෙනෙකුට ජීවිත බේරාගැනීමට හැකිව තිබෙනවා.

පෙරේදා දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මෙම බහුදින ධීවර යාත්‍රාව හදිසියේම ආපසු ගොඩබිම වෙත පැමිණීමට තීරණය කර ඇත්තේ එහි සිටි ධීවරකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?