Update – තංගල්ල ධීවර යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිටි එක් ධීවරයෙකුගේ සිරුර හමුවෙයි

තංගල්ල, පරවිවැල්ල වරායෙන් ධීවර කටයුතු සඳහා ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙම ධීවරයාගේ මළ සිරුර පෙරලුනු ධීවර යාත්‍රාව තුළ තිබී අද (29) පස්වරුවේ සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ හම්බන්තොට, පල්ලෙමලල ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවරයෙක්.

මේ අතර මෙම අනතුරින් අතුරුදන්ව සිටින අනෙක් ධීවරයා සොයා තවදුරටත් නාවික හමුදාව මෙහෙයුම් සිදුකරනු ලබනවා.

පරවිවැල්ල වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී මෙම යාත්‍රාව ඊයේ (28) රාත්‍රියේ ගල් පරයක ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබුණා.

එහිදී යාත්‍රාවේ සිටි ධීවරයින් හයදෙනාගෙන් සිව්දෙනෙකුට ජීවිත බේරාගැනීමට හැකිව තිබෙනවා.

පෙරේදා දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මෙම බහුදින ධීවර යාත්‍රාව හදිසියේම ආපසු ගොඩබිම වෙත පැමිණීමට තීරණය කර ඇත්තේ එහි සිටි ධීවරකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37