Update – ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට තවත් ලංවෙයි – දිස්ත්‍රික්ක නවයකට මහ වැසි

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 6.00 වන විට විට මඩකලපුව සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර අද (09) සවස් කාලයේ දී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඒ, අනුව ඉදිරි දින තුනක කාලය තුළ දී දිවයිනේ දිස්ත්‍රික්ක 09ක මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මුලතිව්, මන්නාරම, වවනියාව, යාපනය, කිලිනොච්චියට, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මාතලේ එම දිස්ත්‍රික්ක වනවා.

මේ අතර නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනවා.

උතුරු අක්ෂාංශ 04 – 14 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 76 – 85 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවතදැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට කාලගුණ අංශ විසින් දැනුම් දී ඇත්තේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිමට හෝ ආරක්ෂිතස්ථානයක් වෙත යොමුවන ලෙසට දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
4
+1
3
+1
27
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?