AFC Banner
Empty Ad
Empty Ad

Update – කොස්ගොඩ සුජීගේ ඥාතියෙක් වූ පච්ච මංජුට අහුන්ගල්ලේ දී වෙඩි (ඡායාරූප)

අහුන්ගල්ල ප්‍රදේශයේ අද (01) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ සුජී නැමැත්තාගේ ඥාතියෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ජගමුනි නීල් කුමාර මෙන්ඩිස් නොහොත් ‘පච්ච මංජු’ නැමැති 45 හැවිරිදි වියේ පසු වූ අයෙක් මෙලෙස ඝාතනයට ලක් වූ අතර, ඔහු කොස්ගොඩ, හිද්දරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවක්.

අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටලයක් අසළ දී අද (01) දහවල් ස්කූටර් වර්ගයේ යතුරුපදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

අහුන්ගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

1
2
3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?