Update – ඊයේ රෑ සිදු වූ අම්බලන්ගොඩ වෙඩි තැබීමේ ඉලක්කය කවුරුන් ද ? (වීඩියෝ)

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ ඊයේ (12) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ අදාළ වෙළඳසැලේ හිමිකරු සහ තවත් පුද්ගලයෙක්.

වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ දඩල්ලගේ සිතුම් සංජන හෙවත් සුදූ නමින් හඳුන්වන 22 හැවිරිදි වෙළඳසැලේ හිමිකරු සහ හළඹ උදේෂ් මධුරංග මෙන්ඩිස් නැමැති 26 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක්.

ඊට අමතරව මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකළ බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල කරුවන් තිදෙනා බලපිටිය සහ කරාපිටිය රොහල්වල මේ වනවිට ප්‍රථිකර ලබන බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් ටී-56 වර්ගයේ ගිනි අවියකින් ඊයේ (11) රාත්‍රි 8.40ට පමණ වෙළදසැලට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

මෙම වෙඩි ප්‍රහාරය කවුරුන් ඉල්ලක්ක කරගෙනඑල්ල කරන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබනවා.

වෙළදසැල් හිමිකරුට කිසිඳු අපරාධ චොදනවක් නොමැති බව ද පොලිසිය සඳහන් කළා.

මේ අතර බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී.ජානක මහතා අද (12) අලුයම සිද්ධිට සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට දී ඊයේ (11) වෙඩිතැබීමක් සිදු වුණා.

වෙඩි තැබීමෙන් එම ස්ථානයේදීම පුද්ගලයෙකු මිය ගිය අතර, කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබුවා.

පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

මෙම වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03