Update – ඊයේ රෑ සිදු වූ අම්බලන්ගොඩ වෙඩි තැබීමේ ඉලක්කය කවුරුන් ද ? (වීඩියෝ)

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ ඊයේ (12) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ අදාළ වෙළඳසැලේ හිමිකරු සහ තවත් පුද්ගලයෙක්.

වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ දඩල්ලගේ සිතුම් සංජන හෙවත් සුදූ නමින් හඳුන්වන 22 හැවිරිදි වෙළඳසැලේ හිමිකරු සහ හළඹ උදේෂ් මධුරංග මෙන්ඩිස් නැමැති 26 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක්.

ඊට අමතරව මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකළ බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල කරුවන් තිදෙනා බලපිටිය සහ කරාපිටිය රොහල්වල මේ වනවිට ප්‍රථිකර ලබන බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් ටී-56 වර්ගයේ ගිනි අවියකින් ඊයේ (11) රාත්‍රි 8.40ට පමණ වෙළදසැලට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

මෙම වෙඩි ප්‍රහාරය කවුරුන් ඉල්ලක්ක කරගෙනඑල්ල කරන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබනවා.

වෙළදසැල් හිමිකරුට කිසිඳු අපරාධ චොදනවක් නොමැති බව ද පොලිසිය සඳහන් කළා.

මේ අතර බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී.ජානක මහතා අද (12) අලුයම සිද්ධිට සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට දී ඊයේ (11) වෙඩිතැබීමක් සිදු වුණා.

වෙඩි තැබීමෙන් එම ස්ථානයේදීම පුද්ගලයෙකු මිය ගිය අතර, කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබුවා.

පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

මෙම වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?