Update – ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සහ IRGC හි ප්‍රධාන අණදෙන නිලධාරියාත් මරුට

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අලි කමෙයිනිගේ ඉහළම දේශපාලන උපදේශකයෙකු සහ ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ෂම්කානි මියගොස් ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව ටෙහෙරානයට එල්ල වූ ප්‍රහාරවලින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් ද මිය ගිය බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර මොහොමඩ් පක්පූර් මියයාමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ජෙනරාල් අහමඩ් වහිඩි, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නව අණදෙන නිලධාරියා ලෙස පත් කර ඇති බව වාර්තා වනවා.

අහමඩ් වහිඩි ඉරානයේ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස සේවය කළ අයෙක්.

මේ අතර ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ ඝාතනය ඉරාන රජය විසින් තහවුරු කිරීමත් සමඟ ටෙහෙරානයේ සැමරුම් සහ ගිනිකෙළි සංදර්ශන ද වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07
Video thumbnail
පාස්කු මහමොළකරු අස්සේ ගම්මන්පිල හේමමාලා කුමරිය ගැන කිව්ව දේ..කවුද දැන් මහමොළකරු ?
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16