Update – අහුංගල්ලෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය කරන්දෙණිය සුද්දාගේ බවට හෙළිවෙයි – හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුත් අත්අඩංගුවට

අම්බලන්ගොඩ සහ අහුංගල්ල යන ප්‍රදේශවල ඊයේ (27) පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කරන්දෙණිය සුද්දාගේ බවට පොලිසිය පවසනවා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත සිදුකළ මෙම වැටලීමේ දී සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි පසුව තොරතුරු වාර්තා වුණේ.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 14කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව මිලිමීටර් 09 පතොරම් උණ්ඩ 30ක් සහ මිලිමීටර් 38 පතොරම් උණ්ඩ 30ක් ද මොවුන් සන්තකයේ තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය වයස අවුරුදු 41ත් 45ත් අතර වයස්වල පසුවන අයවලුන් බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් ද සිටින අතර, කරන්දෙණිය සුද්දාගේ මෙහෙයවීම මත ඔහු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07