Update – අම්බලන්ගොඩ කළමණාකරු ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි (වීඩියෝ)

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමණාකරුවෙකු අද (22) උදෑසන වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්‌කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ, කුරුඳුවත්ත, ආදාදොළ මාර්ගයේ දමාගොස් තිබිය දී මෙම යතුරුපැදිය අද පෙරවරුවේ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්, ජනප්‍රිය වෙළඳ ආයතනයක අම්බලන්ගොඩ නගරයේ පිහිටි ප්‍රදර්ශනාගරය තුළ දී එහි කළමණාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අද උදෑසන වෙඩි තබා පළාගොස් තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හිරාන් කෝසල නැමැති පුද්ගලයෙක්.

අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සැක පළකරනවා.

වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ද අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවටත් තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අම්බලන්ගොඩ නගර සභාවට තරග කිරීමට සමගි ජනබලවේග පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සෘජු අධීක්ෂණය යටතේ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16