නේපාලයේදී අත්අඩංගුවට ගත් ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාර සෙව්වන්දි ඇතුළු අනෙකුත් සැකකරුවන් හෙට (15) දිනයේ මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් උතුරු අපරාධ අංශය සහ නේපාල ආරක්ෂක අංශ එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක දී ඉෂාර සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
කත්මණ්ඩු අගනුවර සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක දී ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ගම්පහ සහ නුගේගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙන්ම යාපනයේ යුවළක් ද සිටින බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













