Update – කළුතර සිසුවියගේ සිද්ධියේ සැකකාරියකට ඇප (වීඩියෝ)

කළුතර ලැඟුම්හලක තුන්වන මහළින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනෙක් අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

සිසුවිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් සිව්දෙනායි.

එහිදී හෝටලයේ හිමිකරුගේ බිරිඳ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය අද (15) නියෝග කළා.

අනෙකුත් සැකකරුවන් වන සිසුවියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කළුතර මහේස්ත්‍රාත් අධිකරණය එහිදී නියෝග කරණු ලැබුවේ.

මෙම සැකකරුවන් අද පෙරවරුවේ අධිකරණයට රැගෙන එන අවස්ථාවේ දී මියගිය දැරියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙලගැසී නිහඬ විරෝධතාවකද නිරත වුණා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මීට පෙර අධිකරණයට ඉදිරිපත්කර ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබීම හේතුවෙන් අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
6
+1
24
+1
14
+1
15
+1
6
+1
13
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?