Update – ඉන්දීය ක්‍රීඩක ප්‍රිත්වි ෂෝට මහ මඟ දී සද්දේ දැමූ කත කවුද ? – සියලු තොරතුරු එළියට (වීඩියෝ)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ සමඟ මුම්බායි නගරයේ තදාසන්න ප්‍රදේශයක දී ගැටුමක් ඇතිකරගත් කාන්තාව පිළිබඳව ඉන්දීය මාධ්‍ය මේ වනවිට තොරතුරු වාර්තා කර තිබෙනවා.

අදාළ කාන්තාව සප්නා ගිල් නැමැති තැනැත්තියක් වන අතර ඇය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝට මුම්බායි හි සැන්ටකෲස් හි හෝටලයකින් පිටතදී පහර දී ඔහුගේ මෝටර් රථයට ද බේස්බෝල් පිත්තකින් පහර දී අලාභ හානි කිරීමේ චෝදනාව මත සප්නා ගිල් සමඟ තවත් හත් දෙනෙකු මුම්බායි පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මුම්බායි පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ පස්වරුවේ පරීක්ෂණ සඳහා සප්නා ගිල් පොලිස් ස්ථානයට කැඳවූ බවත්, මූලික පරීක්‍ෂණවලින් පසුව ඇය එම වරදට සම්බන්ධ බවට තහවුරු වූ පසු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර තම සේවාදායක සප්නා ගිල්, ෂෝගේ රසිකාවියක් බවත්, ඔහු සමඟ සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට අවශ්‍ය වූ නමුත් ක්‍රිකට් ක්‍රීඩකයා බීමත්ව ඇය සමඟ අනවශ්‍ය ආකාරයෙන් හැසිරුණු බවයි සප්නා ගිල්ගේ නීතීඥයා කියා සිටියේ.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කරන්නේ සප්නා ගිල් ද එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38