UPDATE:ප්‍රවීණ රංගවේදිනී මාලිනියන්ට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එයි (වීඩියෝ)

අද (26) පස්වරුවේ දැයෙන් සමු ගන්නා හෙළ සිනමාවේ නිළි රැජිනට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද එක් ව සිටියා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මෙන් ම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහත්මයා ද මෙම අවස්ථාවට එක් ව සිටි බවයි.

ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මිය යනු ජාතික සම්පතක් බවත්, එවන් සුවිසල් හැකියාවක් සහිත චරිතයක් යළිත් මෙරට සිනමාවට නොලැබෙන බවත් සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන නායක ධනංජය ද සිල්වා ඇතුළු පිරිසක් ද පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?