TikTok සිය ගණනක් ගෙදර යවයි

සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok විසින් මැලේසියාවේ කාර්ය මණ්ඩලය විශාල සංඛ්‍යාවක් ඇතුළුව සිය ගෝලීය ශ්‍රම බලකායෙන් සිය ගණනක් සේවකයින් ඉවත් කරන බව නිවේදනය කළා.

සමාගම ප්‍රකාශ කළේ AI වැඩි වශයෙන් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරන බැවින් මෙම රැකියා කප්පාදුව සිදු කරන බවයි.

මැලේසියාවේ රැකියා 700 කට වැඩි ප්‍රමාණයක් කපා හැර ඇති බව මීට පෙර මේ සම්බන්ධයෙන් හුරුපුරුදු මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

චීනයේ ByteDance සතු TikTok, පසුව පැහැදිලි කළේ රටේ සේවකයින් 500 කට වඩා අඩු ප්‍රමාණයකට රැකියා අහිමි වන බවයි.

බොහෝ සේවකයින්ට ඔවුන් සේවයෙන් පහ කිරීම පිළිබඳ විද්‍යුත් තැපෑලෙන් දන්වා තිබෙනවා.

සමාගමේ වෙබ් අඩවියට අනුව ගෝලීය වශයෙන් නගර 200කට වඩා වැඩි ගණනක ByteDance හි සේවකයින් 110,000කට අධික සංඛ්‍යාවක් සිටිනවා.

එහි කලාපීය මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වන බැවින් තාක්‍ෂණ සමාගම ලබන මාසයේ තවත් සේවකයින් සේවයෙන් පහකිරීමට සැලසුම් කරමින් සිටින බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?