TikTok සිය ගණනක් ගෙදර යවයි

සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok විසින් මැලේසියාවේ කාර්ය මණ්ඩලය විශාල සංඛ්‍යාවක් ඇතුළුව සිය ගෝලීය ශ්‍රම බලකායෙන් සිය ගණනක් සේවකයින් ඉවත් කරන බව නිවේදනය කළා.

සමාගම ප්‍රකාශ කළේ AI වැඩි වශයෙන් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරන බැවින් මෙම රැකියා කප්පාදුව සිදු කරන බවයි.

මැලේසියාවේ රැකියා 700 කට වැඩි ප්‍රමාණයක් කපා හැර ඇති බව මීට පෙර මේ සම්බන්ධයෙන් හුරුපුරුදු මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

චීනයේ ByteDance සතු TikTok, පසුව පැහැදිලි කළේ රටේ සේවකයින් 500 කට වඩා අඩු ප්‍රමාණයකට රැකියා අහිමි වන බවයි.

බොහෝ සේවකයින්ට ඔවුන් සේවයෙන් පහ කිරීම පිළිබඳ විද්‍යුත් තැපෑලෙන් දන්වා තිබෙනවා.

සමාගමේ වෙබ් අඩවියට අනුව ගෝලීය වශයෙන් නගර 200කට වඩා වැඩි ගණනක ByteDance හි සේවකයින් 110,000කට අධික සංඛ්‍යාවක් සිටිනවා.

එහි කලාපීය මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වන බැවින් තාක්‍ෂණ සමාගම ලබන මාසයේ තවත් සේවකයින් සේවයෙන් පහකිරීමට සැලසුම් කරමින් සිටින බව ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46